Gossips

ඉඩම් නිදහස් කිරීමේ කමිටු නිර්දේශ පාර්ලිමේන්තුවට

මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කාර්යයන් සදහා ඉඩම් නිදහස් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කල කමිටු වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුවට ලැබී ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද ප්‍රකාශ කළා.
විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රීතව නැවත පදිංචි කිරීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස කතානායකවරයා සිදුකළ ඉල්ලීම මත ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත එවා ඇති බවයි ඔහු කියා සිටියේ.
2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයට අදාළව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශිර්ෂයන් මේ වනවිට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.