Gossips

ඉංගිරියේදී ජීව අත්බෝම්බයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඉංගිරිය නගරයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරුපැදි සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු ලොරි රථයකින් ගමන් කරන බවට ඊයේ පස්වරුවේ පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදියි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ලොරි රථය නවතා පරීක්ෂා කිරීමට යාමේදී එක් පුද්ගලයෙකු පලාගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අවුරුදු 28 සහ 36 යන වයස්වල පසුවන අගලවත්ත සහ පත්බේරිය ප්‍රදේශවල පදිංචිකරුවන්.