Gossips

ඉංග්‍රීසි පාලන කාලයටත් වඩා බුදුදහම ආරක්ෂා කිරීම පැහැර හැරලා – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන්

බුදුදහම ආරක්ෂා කිරීමේ රාජ්‍ය වගකීම ඉංග්‍රීසි පාලන කාලයටත් වඩා වර්තමානයේ පැහැර හැර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ බෞද්ධ හිමිකම් කොමිසම් සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින්.
බෞද්ධයෙකුට අහිමි වන හිමිකම් රැක ගැනීම සඳහා පිහිට වූ බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවේ සාක්ෂි කැදවීම් ඊයේ පස්වරුවේ සිදුකෙරුණු අතර එම කොමිසම හමුවේ පළමු සාක්ෂා ලබාදීම අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් සිදුකළා.