Gossips

ඇෆ්ගනිස්ථාන මහ මැතිවරණය අදයි

තලේබාන් ප්‍රහාරවල අවදානම මධ්‍යයේ ඇෆ්ගනිස්ථාන මහ මැතිවරණය අද පැවැත්වෙනවා.
ඇෆ්ගන් පාර්ලිමේන්තුවේ ආසන 250ක් සඳහා අපේක්ෂකයන් 2450ක් පමණ තරඟ වදින අතර ලියාපදිංචි ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව මිලියන 8.8ක්.
එහෙත් ඉන් අඩක් පමණ වංචාසහගත හෝ වැරදි ආකාරයෙන් ලියාපදිංචි වු අය බවටයි විශ්වාස කෙරෙන්නේ.
මධ්‍යස්ථාන 7355 කදී ඡන්දය පැවැත්වීමට සැලසුම් කලද පසුව එය 5100 ක් සීමා කෙරුණේ ආරක්ෂක අවදානම හේතුවෙන්.
එමෙන්ම කන්දහාර් පොලිස් ප්‍රධානියා ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු එහි මැතිවරණය සතියකින් කල් දමා තිබෙනවා.