Gossips

ඇෆ්ගනිස්ථාන – තලේබාන් සටන් විරාමය දිගු කෙරේ

ඇෆ්ගනිස්ථානය තලේබාන්වරුන් සමඟ සිය ඒකපාර්ශවික සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි එහිදී තලේබාන් සන්නද්ධ කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේ සටන් විරාමය සාම සාකච්ඡාවලට එළඹීම සඳහා කටයුතු කරන ලෙසයි.
රාමසාන් උත්සව සමය වෙනුවෙන් ඇෆ්ගනිස්ථාන රජය ඒකපාර්ශවික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ අතර, පසුව තලේබාන් සංවිධානයද සටන් විරාමයට එක්වුණා.
සටන් විරාමය ක්‍රියාත්මක වූ රාමසාන් උත්සව සමයේදී ඇෆ්ගන් රජයේ හමුදා සහ තලේබාන්වරුන් එකිනෙකාට සුබපතන අයුරු මෙන්ම සෙල්ෆි ඡායාරූප ගන්නා ආකාරයද ලෝක ජනමාධ්‍යවල අවධානයට ලක්වූ කරුණක්.