තලේබාන් සංවිධානය සමඟ පැවති රජයේ සටන් විරාමය නිල වශයෙන් නිමා කරන බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ඊයේ නිවේදනය කළා.
නමුත් පූර්ණ සාම සාකච්ඡා සඳහා එකඟ වන්නැයි ඔහු එම සංවිධානයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.
රාමසාන් සමයේදී ඇෆ්ගන් රජය සටන් විරාමයක් ප්රකාශයට පත් කළ අතර, තලේබාන් සංවිධානයද තුන්දින සටන් විරාමයට එකඟ වුණා.
කෙසේ නමුත් ඔවුන් ඊයේ නැවතත් උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ ප්රහාරයක් දියත් කර තිබෙනවා.
මේ අනුව යළි ඝාතනවලට යොමුවන්නේද නැතිනම් සාමයට එකඟවන්නේද යන්න තලේබාන් සංවිධානය තීරණය කළ යුතු බවයි ඇෆ්ගන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.