ඇෆ්ගනිස්ථානය ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව සහභාගි වන ප්‍රථම ටෙස්ට් තරඟය බ්‍රහස්පතින්දා බැංගලෝරයේදී හිදී ආරම්භ වනවා.
ඒ, අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමි කරගෙන සිටින ඉන්දීය පිළ සමඟයි.
ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරඟය සඳහා ඉන්දීය පිළේ නිත්‍ය නායක විරාට් කෝලි සහභාගි නොවන අතර ඒ වෙනුවට කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ අජින්ක්‍යා රහනේ විසින්.