බටහිර ඇෆ්ගනිස්ථානයේ ෆාරා පළාතේදී හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටී එහි ගමන් ගත් පුද්ගලයින් 25 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එරට උසස් හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුම ඒ අතර සිටින බවයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම හෙලිකොප්ටරය කඩාවැටී ඇති බව ඇෆ්ගනිස්ථාන බලධාරීන් පෙන්වා දී තිබෙනවා.
එහෙත් තලේබාන් සංවිධානය මෙම සිද්ධිය පිළිබඳ වගකීම භාරගෙන ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.
