Gossips

ඇෆ්ගනිස්ථානයේ සන්නිවේදන අමාත්‍යාංශයට සන්නද්ධ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සන්නිවේදන අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ඊයේ සන්නද්ධ ප්‍රහාරයක් එල්ලවුණා. එහිදි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ වැඩසතිය ආරම්භ වූ ඊයේ එල්ලවූ මෙම ප්‍රහාරය හේතුවෙන් 2000 කට අධික පිරිසක් එම ගොඩනැගිල්ල තුළ සිරවී සිටි බව සඳහන්.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ වෙඩි තැබීම් සමඟ දියත් කෙරුණු මෙම ප්‍රහාරයට තමන් සම්බන්ධ නොමැති බව ඇෆ්ගනිස්ථාන – තලේබාන් සංවිධානය ප්‍රකාශ කළා.
කෙසේ නමුත් අයි.එස්. සංවිධානයේ ඇෆ්ගන් අනුගාමිකයන් මේ ආකාරයේ ප්‍රහාර මීට පෙර ක්‍රියාත්මක කර තිබෙනවා.