ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි රජයේ ගොඩනැගිල්ලකට ඇතුළු වූ තුවක්කුකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පැය 7ක පමණ කාලයක් සිදුවූ මෙම වෙඩි හුවමාරුවේදී තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර එහිදී ආරක්ෂක අංශ සාමාජිකයෙකු මෙන්ම වෙඩික්කරුවන් 3 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වී ඇති බව සඳහන්.