Gossips

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන ප්‍රහාරයකින් 15 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ – ජලාලාබාද් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලකට ඇතුළු වූ ත්‍රස්තවාදීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරවලින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඇෆ්ගන් ආරක්ෂක හමුදාව සහ ත්‍රස්තවාදී අතර වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත්, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාර ගෙන නොමැති අතර, තලෙයිබාන් ත්‍රස්තයන් එහි වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.