Gossips

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 31 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඊට අමතරව මෙම පිපිරීමෙන් පුද්ගලයින් 65 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
උත්සවයක් පැවති භූමියක එල්ලවූ මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන ඇති අතර මියගිය පිරිස තවත් ඉහල යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කළා.