ඇෆ්ගනිස්ථානයේ කාබූල් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොමැති අතර, මීට පෙර අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් කාබුල් අගනුවර මෙවැනි ප්‍රහාර දියත් කර තිබුණා.
