Gossips

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ළමයින් දස දෙනෙකු ඇතුළු 13 දෙනෙකු මරුට

උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ කුංඩූස් ප්‍රදේශයේ ඊයේ පැවති ගැටුම්වලදී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ළමයින් දස දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔවුන් සියළු දෙනාම එකම පවුලේ අය සහ ඔවුන්ගේ ඥාතීන් බව සඳහන්.
තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම් සහ ඇමරිකානු – ඇෆ්ගන් හමුදා අතරයි ඊයේ මෙම ගැටුම ඇවිලී ඇත්තේ.
ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් මිය යාමේ සිද්ධිය පිළිබදව පරීක්ෂණයක් පවත්වන බවයි.
තලෙයිබාන් සන්නද්ධ පිරිස් සිවිල් වැසියන් සමඟ රැදී සිටීම ඔවුන් ඊට ගොදුරුවීමට හේතුව විය හැකි බව ද එමගින් ප්‍රකාශ කළා.