Gossips

ඇෆ්ගන් හක්කානි ත්‍රස්ත ජාලයේ නිර්මාතෘ මිය යයි

ඇෆ්ගනිස්ථානයේ වඩාත් ක්‍රියාකාරී සහ දරුණුතම ත්‍රස්ත කණ්ඩායමක් ලෙස සැලකෙන හක්කානි ජාලයේ නිර්මාතෘ ජලලූදීන් හක්කානි මිය ගිය බව ඇෆ්ගන් – තලෙයිබාන් සංවිධානය නිවේදනය කළා.
දිගු කලක් අසනීප තත්ත්වයෙන් සිට ඔහු මිය ගිය බවයි එමගින් ප්‍රකාශ කළේ.
ඇෆ්ගනිස්ථාන හක්කානි ත්‍රස්ත ජාලය දැන් මෙහෙය වනු ලබන්නේ ඔහුගේ පුත්‍රයා වූ සිරජුඞීන් හක්කානි විසින්.
තලෙයිබාන් සංවිධානය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මිය ගිය ජලලූදීන් හක්කානි වර්තමාන යුගයේ ප්‍රමුඛතම ශුද්ධ යුද්ධ සෙන්පතියෙකු බවයි.
ඔහු අනෙකුත් ජිහාඩ් කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ අතර, අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඞ්න්ට රැකවරණ ලබාදීමට ද ඉදිරිපත් වූ අයෙකු ලෙස සැලකෙනවා.