ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ජනාධිපති මන්දිරය සහ රාජ්‍ය තාන්ත්‍රික නිවහන් පවතින ප්‍රදේශයට අද උදෑසන දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ, ජනාධිපති අෆ්රෆ් ඝානි, ඊද් ආගමික උත්සවය වෙනුවෙන් සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටියදියි.
කෙසේ නමුත්, මෙමගින් ජනාධිපතිවරයාට හෝ එහි සිටි කිසිවෙකුට හානියක් සිදුව නැහැ.
ඊද් උත්සවය සඳහා යමින් සිටි බස් රථ 3ක සිටි සිවිල් වැසියන් 180 දෙනෙකු ද, තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම් ඊයේ බලහත්කාරයෙන් රදවා ගනු ලැබුවා.
