Gossips

ඇෆ්ගන් අගනුවරදී විදේශිකයන් තුන්දෙනෙකු ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ – කාබුල් අගනුවර බහු ජාතික ආහාර නිෂ්පාදන සහ සැපයුම් සමාගමක සේවය කළ විදේශිකයන් තුන්දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබෙනවා.
මැලේසියානු, මැසිඩෝනියානු සහ ඉන්දියානු ජාතිකයන් තුන්දෙනෙකු මෙලෙස ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර ඇති බවයි ඇෆ්ගන් ආරක්ෂක සහ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
ඝාතනයට ලක් වූ සිරුරු සමග තිබී ඔවුන්ගේ හැදුනුම්පත් ද හමුවූ බව කාබුල් පොලිස් ප්‍රධානියා සදහන් කළා.
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ඔවුන් සේවය කළ සමාගම මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.