Gossips

ඇහැළියගොඩ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ කිලෝමීටර් 78 කණුව අසළ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අවිස්සාවේල්ල සිට රත්නපුරය දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි පරකඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.