Gossips

ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඩුව වැඩම කරවීමට නැදුන්ගමුවේ රාජා මාලිගාවට

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඩුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා හස්තියා අද පෙරවරුවේ දළදා මාළිගයට පැමිණියා.
නැදුන්ගමුවේ රාජා හස්තියා මෙවර කරඩුව වැඩම කරවීමේ භාග්‍ය හිමිකරගන්නේ 12 වැනි වරටයි.
දළදා කරඩුව වැඩම කරවීම සඳහා රාජා හස්තියා නැදුන්ගමුවේ සිට ගමන් ආරම්භ කළේ පසුගිය 14 වැනිදායි.
ස්ථාන කිහිපයකදී ගමන් විඩාව සන්සිඳුවා ගනිමින් දළදා සමිදුන් වැඩම කරවීමේ උතුම් අරමුණින් රාජා හස්තියා මහනුවරට ළඟා වූයේ පාගමනින්ම වීම විශේෂත්යක්.
වසර ගණනක් පුරා ආරක්ෂාවක් නොමැතිව පෙරහරට යන නැදුන්ගමුවේ රාජා හස්තියාට පොලිස් සහ හමුදා ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නේ ඒ පිළිබද හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් පසුව වීම විශේෂත්වයක්.
දින 5ක ගමනකින් පසු රාජා හස්තියා අද පෙරවරුවේ දළදා සමිදුන් වැඳපුදා ගත්තේ මෙලෙසින්.