Gossips

ඇසළ පුන් පොහෝ දිනයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

මේ මස 27 වනදාට යෙදෙන ඇසළ පුන් පොහෝදින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකය පවසනවා.
මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.45 ට ආරම්භ වන අතර, එහි අවසානය පසුදින අලූයම 4.58 ට සිදුවීමට නියමිතයි.
මේ වසරේ සිදුවන දෙවන පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙය වන අතර, පසුගිය ජනවාරි මාසයේද පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවුුණා.
චන්ද්‍රයා සහ සූර්යා අතරට පෘථිවිය පැමිණ ඒකරේඛීය වීමෙන් පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට පතිතවීමේ සංසිද්ධිය චන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳින්වෙනවා.