අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව එවකට භාරව සිටි හිටපු යුද හමුදා කර්නල්වරයා මේ මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔහු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවට අද (09) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඇල්ෆ‍්‍රඩ් විජේතුංග තිලකරත්න නමැති මෙම කර්නල්වරයා සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී පසුගිය 28 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
