Gossips

ඇවන්ගාඩ් නඩුව ජුලි 9 වන දා දක්වා කල් යයි

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව සලකා බැලීම ජූලි මස 9 වනදා දක්වා කල් දමා තිබෙනවා.
ඒ, මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර හමුවේ අද (26) කැඳවූ අවස්ථාවේදියි.
අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇති අතර, හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 08 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.