ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරික්ෂණවලට අදාළව එවකට මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදා ලූතිනන්වරයෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය – වනවාසල – ජම්බුවත්ත ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්. සැකකරු අද ගාල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
