Gossips

ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ් – සමාගමේ ආදායම් වාර්තා පොලීසියට දෙන්නත් නියෝග

පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මේ මස 24 වනදා දක්වා අද (10) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ කොළඹ කොටුව මහේ්ස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එසේම, පර්පෙචුවල් සමාගම ඉදිරිපත් කර ඇති සියලූම ආදායම් සහ වත්කම් පිළිබද තොරතුරු පොලිස්පතිවරයාට ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය අද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළා.
අධිකරණ නියෝගයට අනුව සිය වත්කම් හෙළි කිරීමට සූදානම් නොමැති බවයි අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේ.
එමෙන්ම, පර්පෙචුවල් සමාගම ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමට ලබාදී ඇති මුදල් පිළිබද පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ද මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.