Gossips

ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඞ්.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළව නඩු වාර්තාවල පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද දැනුම් දීමක් සිදුකළා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැදවූ අතර එහිදී දැනට රිමාන්ඩ් කර සිටින පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස 10 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එමෙන්ම පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම, එහි හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයගේ වත්කම් අධිකරණ නියෝග වලට අනුව හෙළි කිරීමට සූදානම් නොමැති බවද ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා.