Gossips

ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
ඒ, ඔවුන් අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර මොවුන් ඇප ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත් ලබන මැයි 18 වනදා වැඩිදුර සළකා බැලීමට නියමිතයි.