Gossips

ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ් – මහේන්ද්‍රන්ටත් යළි සිතාසි

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී විනිසුරුවරිය ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
එසේම මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසිය හරහා අදාළ නියෝග ලබාදීමට නොහැකිවීම හේතුවෙන් මාර්තු 8 හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද අද යළි සිතාසි නිකුත් කෙරුණා.
එම නියෝගය අධිවේගී තැපෑල හෝ කුරියර් සේවාව මගින් යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දී තිබෙනවා.