Gossips

ඇලෝසියස් සහ පලිසේන අභියාචනාධිකරණයට යයි

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප ඉල්ලා අභියාචනාධිකරණයට අද (21) ඇපෑලක් ගොනු කළා.
තමන්ට ඇප ලබාදෙන ලෙස මොවුන් දෙදෙනා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන් කළ ඉල්ලීම් පසුගියදා ප්‍රතික්ෂේප කෙරුණු අතර එය අභියෝගයට ලක් කරමින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඉල්ලායි මෙම ඇපෑල ගොනු කර ඇත්තේ.
බැඳුම්කර සිද්ධියට අත්අඩංගුවට ගැණුනු අර්ජුන් ඇලේසියස් සහ කසුන් පලිසේන මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.