පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ලබාදීම පිළිබඳ තීන්දුව, ඔක්තෝම්බර් 11 වනදා ලබාදීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.
ඒ, අදාළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.
