බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ගොනු කර තිබූ ඇප අයදුම්පත අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ මෙම ඇප අයදුම්පත අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන් මොවුන්ගේ ඇප අයදුම්පත් ප්‍රතික්ෂේප කරමින් ලබාදුන් නියෝග බිද හෙලීමට තරම් ප්‍රමාණවත් නීතිමය කරුණු අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන පාර්ශවයෙන් ඉදිරිපත් කර නොමැති වීම හේතුවෙනුයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇත්තේ.
මොවුන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර විත්තිකරුවන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව අද පස්වරුවේ යලි කැදවීමට නියමිතයි.
