Politics Sri Lanka

ඇලෝසියස් රෝහලේ – පලිසේන බන්ධනාගාරයේ

ඇලෝසියස් රෝහලේ – පලිසේන බන්ධනාගාරයේ

පිටකොන්දේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිළධාරි කසුන් පලිසේන ඊයේ (23) දිනයේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබූ අතර මේ වනවිට කසුන් පලිසේන මහතා යළි මැගසින් බන්ධනාගාරයට යොමු කර ඇත.

මොවුන් දෙදෙනා අද (24) වෛද්‍යවරුන් විසින් පරික්ෂාවට ලක් කර තිබේ.

කෙසේවෙතත් කසුල් පලිසේන මහතාගේ ආබාධ තත්ත්වය සුව අතට පත්විම හේතුවෙන් ඔහු යලිත් මැගසින් බන්ධනාගාරයට මාරුකර යැවූ බවත් අර්ජුන් ඇලෝසියස් මහතාට තවදුරටත් බන්ධනාගාර රෝහලේ රඳවා තැබිමට බන්ධනාගාර නිලධාරින් පියවර ගෙන ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.