Politics Sri Lanka

ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට

ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අද (05) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් ඔවුන් දෙදෙනාව ඊයේ (04) අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් පසු අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කර තිබේ.

බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දෙන ලදී.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ජීවත් වන අතර ලබන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි සිංගප්පූරුවේ අන්තර් ජාතික පොලිසිය හරහා මහේන්ද්‍රන් මහතාට නොතීසි යවන ලෙස අධිකරණය නියෝග කර තිබිණි.