ඇලෝසියස් – පලිසේන ඇප ඉල්ලති 
වත්මන් ආණ්ඩුව සමයේදී බැදුම්කර නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුකිරීම මඟින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් අද (26) කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන ඇයැදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.
සැකකරුවන් රක්ෂිත බාරයට පත් කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරමින් ඔවුන්ට ඇප නියම කරන්නැයි එම ප්‍රතිශෝධන ඇයැදුම් පත්‍රයෙන් ඉල්ලා ඇත.
අර්ජුන් අලෝසියස් සහ කසුන් පලිසේන යන දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට සමාජාලවල අදස් දැක්වූ බොහෝ දෙනෙකුගේද සමාජජාලවලින් බාහිර සමාජයේද මතය වී තිබුනේ පළාත් පාලන මැතිවරණයෙන් පසු ඔවුන් දෙදෙනාට ඇප හිමිවනු ඇති බවයි.




