Gossips

ඇලෝසියස්, පලිසේන ඇතුළු 4කට 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, ප්‍රධාන ගැණුම්කරු වන නුවන් සල්ගාදු සහ සමාගමේ ප්‍රධාන තාක්ෂණික විධායක නිළධාරී සචින් දේවතන්ත්‍රි යන අයට ලබන 28 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුවයි.
පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබාගත් සහ ලැබුණු දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම මීට පෙර දැනුම් දී තිබුණා.
එහෙත්, ඊට අදාළ දුරකතන වාර්තාවෙන් අනාවරණ වී තිබුණේ ඇතැම් තොරතුරු විකෘති කර ඇති බව සහ මකා දමා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු වාර්තා කළ අතර, ඊට අදාළ දුරකතන සංවාද ඇතුළත් තවත් සංයුක්ත තැටියක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත හෙයින් ඊට අදාළව මෙම පුද්ගලයින් අධිකරණයට හමුවට කැඳවන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටියේ.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ලබන 28 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නොතීසි නිකුත් කළා.