Gossips

ඇලෝසියස්ගේ සිරමැදිරියෙන් ජංගම දුරකථන සහ සිම් කාඩ් සොයා ගනී

අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති, ජෙෆ්රි ඇලෝසියස්ට සහ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් 8 දෙනෙකු අධිකරණ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කර තිබෙනවා.
ඒ ප්‍රශ්න ගත බැදුම්කර වංචාව පිළීබද නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ අද විභාගයට ගත් අවස්ථාවේදීයි.
මේ අතර, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මෙහිදී පෙන්වා දුන්නේ 2017 වසරේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අයත් සමාගමකින් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමට රුපියල් මිලියන 5 ක චෙක්පතක් ලබාදී ඇති බවයි.
මේ අතර, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ සිරමැදිරිය තුළ තිබී ජංගම දුරකථන 3 ක් සහ සිම් කාඩ් පත් 5 ක් සොයා ගත් බව ද නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.
ඉන් එක් ජංගම දුරකථනයක් ඔහුගේ මෙට්ටය යට තිබී සොයා ගෙන තිබීම ද විශේෂත්වයක්.