Gossips

ඇලෝසියස්ගේ ස්කාගාරයකට එරෙහි නොවන්න, කෝටි 5ක් – සීනිතම්බිට ඇමතුමක්

මඩකලපුව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින අර්ජුන් ඇලෝසියස්ට අයත් මත්පැන් නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් විරෝධය පළ නොකර සිටියහොත්, රුපියල් කෝටි 5ක මුදලක් ලබාදෙන බවට තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීනිතම්බි යෝගේෂ්වරන් අද (20) පාර්ලිමේන්තුවේදී හෙළි කළා.
මීට පෙර ද තමන් මඩකලපුව ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්පැන්හල් 67කට පමණ විරෝධය පළ කළ අතර, ඇතැම් මත්පැන්හල් හිමියන් විසින් මීට පෙර ද තමන්ට මේ ආකාරයෙන් අල්ලස් ලබාදීමට තැත් කළ බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.