Gossips

ඇලෝසියස්ගේ සහ පලිසේනගේ තවත් ඉල්ලීමක් කල් යයි

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ ඇප අයදුම්පත වැඩිදුර සලකා බැලීම ලබන 1 වන දා දක්වා කල් දමා තිබෙනවා.
ඒ, එම ඇප අයදුම්පත අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.
මෙම ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය නිත්‍යානුකූල බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.