ඇප ලබාදීම සඳහා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, අභියාචනාධිකරණයට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (01) ප්‍රකාශ කළා.
ඒ, ඊට අදාළ පෙත්සම, අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මෙහිදී ප්‍රකාශ කළේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම කොළඹ මහාධිකරණය ද අර්ජුන ඇලෝසියස්ට සහ කසුන් පලිසේනට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
නඩුව මේ මස 11 වන දා යළි කැඳවනවා.
