මහබැංකු බැඳුම්කර ගණුදෙනුවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් සෑම දේශපාලන පක්ෂයකම සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.
එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (05) පැවති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
