Gossips

ඇලෝසියස්ගෙන් මුදල් නොගත් බවට තවත් පිරිසකගෙන් ප්‍රකාශ

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බවට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරද්දී, මුදල් නොගත් බවට ඊයේ දින වන විට කියා සිටි මන්ත්‍රීවරුන් ගණන 37 ක්.
එමෙන්ම තවත් මැති ඇමතිවරුන් 10 දෙනෙකු තමන් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බව අද ප්‍රකාශ කළා.
ඒ අනුව මෙතෙක් තමන් මුදල් ලබා ගත් බවට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ මැති ඇමතිවරුන් සංඛ්‍යාව 47ක් වනවා.
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත්තේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලූම් අමුණුගම, උදය ගම්මන්පිළ, කනක හේරත්, අමාත්‍ය සරත් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන සහ කංචන විජේසේකර, සනත් නිශාන්ත, රෝහිත අබේගුණවර්ධන සහ අමාත්‍ය ජෝන් අමරතුංග මෙලෙස හෙළිදරව් කළා.
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බවට වාර්තා වන මන්ත්‍රීවරුන් 118 දෙනා සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සමාජය තුළ පවතින්නේ පුළුල් සංවාදයක්.