එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක්ට දෙවන එලිසඛෙත් රැජින විසින් නයිට් පදවිය පිරිනමා තිබෙනවා.
ඔහු විසින් එරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙවර අගයමින් මෙම පදවිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් ප්‍රකාශ කර ඇත්තේ රැජින, ලබා දුන් මෙම නයිට් පදවිය තමන් ජීවිතයේ ලද ඉහලම ගෞරවය බවයි.
