Gossips

ඇල්ල රක්ෂිතයක ගින්නක්

ඇල්ල කුඹල්වෙල ෆයිනස් වගා රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 25 ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.
පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ ගින්න පැතිරෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේවන විටත් රක්ෂිතයේ තිබු වටිනා ශාඛ රැසක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
ඔවුන් තම නිවෙස්වලට ජලය ලබා ගැනීමට ජල පෝෂක ප්‍රදේශයේ සිට එලා තිබු ජල නල පද්ධතිය ද ගින්නට හසුවීමෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වන සතුන් දඩයම් කිරීමට හෝ විනෝදය සඳහා රක්ෂියට ගිනි තබන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.