Gossips

ඇල්ලේ සුන්දරත්වය අහිමිවන ලකුණු

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්ල නගරය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ශනය දිනාගත් සංචාරක පුරවරයක්.
විදෙස් සංචාරකයන් ඇල්ල ප්‍රදේශයට වැඩි වශයෙන් ආකර්ශනය වී ඇත්තේ, මෙහි ඇති සුන්දර පරිසරය නැරඹීමට මෙන්ම කඳුනැගීමෙන් ආශ්වාදයක් විදීම සදහායි.
සංචාරකයන්ගේ ආගමනය හේතුවෙන් ඇල්ල නගරය කාර්යබහුලවීමත් සමග ඔවුන්ට නවාතැන් ඇතුළු සේවා සැපයීම සදහා හතු පිපෙන්නාක් මෙන් මෙහි හෝටල් රැසක් බිහිවුනා.
මුදල් ඉපැයීම පමණක් පරමාර්ථය කර ගත් එම බොහෝ හෝටල්වලින් සෘජුවම අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුකරන්නේ ඇල්ල නගරය මැදින් ගලා බැසයන දිය පහරටයි.
හෝටල්වලින් ඉවත් කරනා අපජලය මෙන්ම වැසිකිලි කැසිකිලි අපද්‍රව්‍ය ද සෘජුව මීට එක් කිරීම හරහා නිල් පැහයෙන් ගලා ගිය දිය සීරාව මේ වනවිට තද කළු බැහැයෙන් ගලා බසින්නේ මෙලෙසින්.