Gossips

ඇල්පිටිය තරුණියගේ ඝාතනයේ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

ඇල්පිටිය – ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී තරුණියකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා අද (15) නියෝග කර තිබෙනවා.
28 හැවිරිදි මෙම සැකකරු පෙරේදා (13) අත්අඩංගුවට ගනු ලැබුවේ ඌරගස්මංහන්දිය පොලිසිය විසින්.
ඔහු ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය කියා සිටියේ.
පසුගිය 12 වැනිදා ඇල්පිටිය – ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී තරුණියකගේ සැක කටයුතු මරණයක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණියක්.
ඇයගේ හිසට එල්ල වූ පහරකින් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මරණය සිදුවී ඇති බවටයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මියගිය තරුණිය අතර කලක පටන් ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර එම තරුණයා විවාහකයෙකු බව දැනගැනීමෙන් පසු තරුණිය එම සබඳතාව නතර කර ඇතැයි සඳහන්.
ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.