Gossips

ඇල්පිටියේ පුද්ගල ඝාතනයකට සැකකරුවෙකු අල්ලයි

ඇල්පිටිය – අනුරුද්ධගම ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු කරන්දෙණිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනය සඳහා යොදාගත් පිස්තෝලය සහ පතොරමක්ද සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය 27 වනදා මෙලෙස ඝාතනය කර තිබුණේ 42 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි සුජිත් කුමාර නැමති පුද්ගලයෙකුයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි කරන්දෙණිය – අනුරුද්ධගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනවා.