ඇලිපිටිය – මණ්ඩකන්ද ප්රදේශයේදී ගිනි අවි දෙකක් සමඟින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟින් ඊයේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන් ඇල්පිටිය සහ කරන්දෙනිය යන ප්රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් කිසියම් අපරාධයක් සඳහා මේවා භාවිතා කළේ ද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.