Gossips

ඇල්ජීරියානු ජනපතිට ධුරයෙන් ඉවත් වන ලෙසට හමුදා ප්‍රධානියා දැනුම් දෙයි

ඇල්ජීරියාවේ ජනාධිපති අබ්දිලාසීස් බුටෙෆ්ලිකාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස එරට හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අහමඞ් ගයිඞ් සාලා දැනුම් දී තිබෙනවා.
ජනාධිපතිවරයාට එරෙහිව රට තුළ පවතින විරෝධතා මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.
එරට රූපවාහිනී නාලිකාවක් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථාව උල්ලංගණය නොවන ආකාරයෙන් පවතින අර්බුදය විසදා ගත යුතු බවටයි.
ජනාධිපතිවරයාට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වූයේ 5 වන වතාවටත් ජනාධිපති ධුරය සඳහා තරඟ වැදීමට ඔහු සූදානම් වීමත් සමඟයි.