Gossips

ඇලකට වැටී 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු මරුට

ගලෙන්බිඳුනුවැව මුරියාකල්ල වැවේ සොරොව්වේ සිට කුඹුරුවලට ජලය රැගෙන යන ඇල මාර්ගයට වැටී 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු මියගොස් තිබෙනවා.
මෙම සිසුවා ඊයේ (06) නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක මාළු ඇල්ලීම සඳහා එම ඇල මාර්ගය අසලට ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එහිදී එම ඇල මාර්ගයට ඇදවැටීමෙන් එම සිසුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර අවස්ථාවලදීද එම සිසුවා එම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක රාත්‍රිය ගතකිරීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ද ඔහු එහි ගොස් ඇතැයි සිතූ බවයි පවුලේ ඥාතීන් අප සමඟ ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් පසුව අද අළුයම ද ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් සොයාබැලීමෙදීයි සිසුවාගේ සිරුර සොරොව්ව අසළ තිබී හමුවී ඇත්තේ.
මෙම සිසුවාගේ මව විදේශගතවී ඇති අතර පියා මීට වසර කිහිපයකට පෙර මියගොස් තිබෙනවා.
ගලෙන්බිඳුනුවැව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.