Politics Sri Lanka

ඇරැව්වල නන්දිමිත්‍ර ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 07 සිදු කෙරේ

ඇරැව්වල නන්දිමිත්‍ර ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 07 සිදු කෙරේ

අභාවප්‍රාප්ත රාජ්‍ය සම්මානලාභී නවකතාකරු ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (7) පස්වරුවේ පන්නිපිටිය ඇරැව්වලදී සිදුකිරීමට නියමිත ය.

1939 වස‍රේ ජූනි 5 වැනිදා උපත ලැබූ ඒ මහතා මියයන විට 79 හැවිරිදි වියෙහි පසුවිය.

මල් මදාරා, ගංතෙර තෙරණිය, ජීවිතය සුන්දරය, මල් දෙනියේ සිමියොන්, ගම්බද කල්‍යාණි, පද්මාවතී, තරුණාවේශය, ගිනි, පුංචි තරුවක් පාලයා, දුටු තැන වෙඩි තබනු, ජීවිතයේ කොටස් කාරයෝ, මිහි සරණ, මම සමු නො ගනිම්, අමා දොරටුව, කඳුළක් සිනාසෙයි, සුන්දර කතාන්දර, සුදු හංස් ධේනුව ආදී කෘති ගණනාවක් ඔහු අතිල් ලියැවී තිබේ.

මල්දෙනියේ සිමියොන් කෘතිය සිනමාපටයකටද ගොඩනැගී ඇත.