මහරගම – ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී අද අලූයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ තරුණයා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී තිබෙනවා.
22 හැවිරිදි මිය ගිය තරුණයා ද ගැටුම් කිහිපයකට සම්බන්ධ අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. ඔහු ඝාතනය කර තිබුණේ දෑත් වෙන් වන සේ කපා දමමින්.
ඝාතනය ඇරැව්වල පුරාණ විහාරස්ථානය අසළ සිදුවුවත්, එහි සී.සී.ටී.වී. කැමරා පද්ධතිය දින කිහිපයක සිට අක්‍රියව තිබී ඇති බවයි පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.